Online bank account එකක් හදා ගැනීම.

< Home

අපි ගොඩක් වෙලාවට වෙබ් අඩවි හදන්නේ පිටරටට. ලංකාවේ ඇතුලේ උනත් වෙබ් අඩවි මිලදීගන්න පාරිභෝගිකයෝ හිටියට ඒවා සාධාරණ මිලකට විකුණන්න අමාරුයි. ඒ නිසා ඇමෙරිකාව වගේ රටකට වෙබ් අඩවි නිර්මාණය කරලා දෙන එක වඩාත් හොඳයි.

ඉතින් අපි වැඩ කරපු සල්ලි අතට ගන්න නම් online bank account හදාගෙන තියාගන්න ඕන. Internet එකේ එක එක ජාතියේ online bank accounts තියෙනවා. ඒ ගොඩක් ඒවගේ account එකක් හදන්න කිසිම ගෙවීමක් කරන්න ඕන නෑ. අපිට master card එකකුත් ගෙදරටම එවන නිසා ඒක use කරලා ATM එකකින් සල්ලි ගන්න පුලුවන්. එහෙම නැත්තන් කෙලින්ම bank account එකට සල්ලි ගන්නත් පුළුවන්.

මේ වගේ එකක register වෙලා  master card එකට Apply කරලා ඒක ගෙදරට එනකොට කල් යන නිසා තමා මේ කොටස මුලින්ම දැම්මේ.

මේ account එක හදන්න නම්, email account එකක්, phone number එකක්, හැඳුනුම් පතක් ඒ වගේම බැංකු ගිණුමකුත් ඕන වෙනවා. ඉතින් තමන්ට මේවගෙන් එකක් හරි නැත්නම් එක්කෝ ඒවා ලෑස්ති කරගෙන ඉන්න වෙනවා. නැත්නම් තියෙන කෙනෙක්ගේ නමට මේ account  එක හදන්නත් පුළුවන්.

Payoneer කියන්නේ ඒ වගේ  online bank account එකක් හදන්න පුළුවන් එක ආයතනයක්. Register Now උඩ click කරලා signup වෙන්න.



මේ "Register Now" button  එක උඩ click  කලාම එන්නේ මේ වගේ පිටුවක්. දැන් ඒ පිටුවේ තියෙන Sign Up & Earn $25* කියන button  එක උඩ click  කරන්න. 


ඊට පස්සේ එන application  එකට තමන්ගේ ඇත්ත විස්තරම දාන්න ඕන. මේක ඉතින් fill  කරන විදිහේ විශේෂයෙන් කියල දෙන්න දෙයක් නෑ. මොකටත් මම පියවර ටික මෙතන දාන්නම්.  තව ටික කාලෙකින් Payoneer site එකේ බාහිර පෙනුම එයාල වෙනස් කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් දාන්න තියෙන විස්තර ටික මෙවම තමා. 


Next උඩ click කරන්න. 


මෙතන දාන්න postal code එක දන්නේ නැත්තන් google.com  එකේ search කරලා තමන්ගේ city එකට අදාල postal code එක සොයා ගන්න පුළුවන්.



Next උඩ click කරන්න. 



Next උඩ click කරන්න. 


අපි submit කරපු application එක review කරලා Payoneer එකේ අය email එකක් එවනවා. අපි application  එක fill කරද්දී දැම්ම email එකයි password ekai use කරලා මෙතනට ගිහින් අපේ payoneer account  එකට login වෙන්න පුළුවන්. 


Login උනාට පස්සේ Master card එකකට apply කරන්න link එකක් account එකේ ඇතුලේ තියෙනවා. මේ card එක ඉතින් අත්‍යවශ්‍යම නෑ. ඒක ගෙන්නගත්තොත් HNB වගේ ATM එකකින් card එකෙන් සල්ලි ගන්න පුළුවන්. තව online pay කරන්න use කරන්න පුළුවන්. ඉස්සර නම් මහජන බැංකුව, ලංකා බැංකුව වගේ බැංකු වල ATM වලින් මේ card එකෙන් සල්ලි ගන්න දුන්නේ නෑ. ඒ වුනාට අපි අපේ bank account එක Payoneer account එකට add කරපු නිසා, කෙලින්ම ඕන බැංකු ගිණුමකට සල්ලි දාන්න පුළුවන්.

< Home


No comments:

Post a Comment