Web design හා Web development. ගොඩක් දෙනෙක් අමාරුයි කියල හිතන් ඉන්න, දන්න අය අමාරු වැඩක් කියල ලෝකෙට පෙන්නන ලේසි වැඩක්. Web design වලදි අපි කරන්නේ web site එකේ බාහිර පෙනුම design කරන එක. Web development වලදි කරන්නේ design කරපු website එක ඇත්තම website එකක් බවට පත් කරන එක. හැබැයි භාවිතයෙදි ඔය දෙකටම කියන්නේ web design කියල. web designer ල ගෙන් 90% ක් ම කරන්නේ web development විතරයි. design කරන්නෙ නෑ.
මෙතනදි අපි බලපොරොත්තු වෙන්නේ web sites develop කරන්න. කලින් කිව්ව හේතුව නිසා මින් ඉදිරියට මෙතන web design කියල අදහස් කරන්නේ web site develop කරන එකට.
Web design කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා.
- Hand code කිරීම.
- Website builder එකක් භාවිතා කිරීම.
- CMS ekak භාවිත කිරීම.
Web site එකක් කියන්නේ web page එකක් හරි කීපයක හරි එකතුවක්. මේ web page ලියල තියෙන්නේ HTML language එක භාවිතා කරලා. තව CSS, Java script වගේ ඒවත් ඒකෙ ඇතුලේ තියෙනවා. මේ HTML වලින් ලියපු file එකට අපි කියමු source code එක කියල. දැන් මේ ඔයාල කියවන web page එකේ source code එක බලන්න page එක උඩ right click කරලා “View page source” කියන එක උඩ click කරන්න. නැත්නම් Ctrl + u press කරන්න. (Source code එක බලන විදිහ web browser එකෙන් web browser එකට වෙනස් වෙනවා. මේ කිව්වේ chrome web browser එකෙ බලන විදිහ.) එතකොට අලුත් page එකක මෙන්න මේ වගේ code එකක් open වෙනවා.
අපිට මේ web page එකේ තියෙන ටික web browser එකේ පෙන්නන්න ඕන නම් කරන්න තියෙන්නේ ඔය කියන source code එක හදන එක.
Hand code කිරීම.
මේ කිව්ව source code එක කලින් හැදුවේ අතෙන් type කරලා. අපිටත් ඕන නම් පුලුවන් hand code කරල website එකක් හදන්න. ඒක වෙලා යන වැඩක් නිසා ඒවට ලේසි ක්‍රම හොයගත්තා. ඒ තම්යි Website builder සහ CMS.
ඒ නිසා අපි hand coding ගැන මෙතනදි කතා කරන්නේ නෑ.
2. Website builder එකක් භාවිතා කිරීම.
Website builder එකක් කියන්නේ කලින් හදපු website එකක්. මේකට අපිට කරන්න තියෙන්නේ ඕන කරන විස්තර දාන එක විතරයි. ඒ කියන්නේ articles, photos, videos එහෙම. හැබැයි මේකෙන් අපිට ඕන විදිහේ website එකක් හදන්න බෑ. එයාලා දීල තියෙන layout එකට දත්ත ඇතුලත් කරන්න විතරයි පුලුවන්. ඒ නිසාWebsite builders හොඳයි කිසිම programming knowledge එකක් නැති අයට. මෙතනදි අපිට website එක අපිට ඕන විදිහට හසුරුවන්න බෑ. අපිට ඕන ගතිගුණ දෙන්නත් බැ. උසස් තත්වයේ websites හදන්න මේක ගලපෙන්නේ නෑ. ඒ නිසා මේකත් අපිට වැඩක් නෑ.
3. CMS එකක් භාවිතා කිරීම.
වෘත්තීය මට්ටමේ web site එකක් හදනවා නම් අපිට ඒක කරන්න පුළුවන් ලේසිම ක්‍රමේ තමයි CMS එකක් පාවිච්චි කරන එක. CMS කියන්නේ Content management system කියන එකට. ඒකත් කලින් නිර්මාණය කරපු web site ekak. එකෙදිත් අපිට කරන්න තියෙන්නේ content add කරන එක විතරයි. හැබයි අර website builder එකේ වගේ restrictions මෙතන නෑ. programming language එක දන්නව නම් අපිට ඕන විදිහකට එක වෙනස් කරන්න පුළුවන්.
මේවට උදාහරණ ගත්තොත් ගොඩක් තියෙනවා. මෙ ලැයිස්තුව පාඩම් කරන්න ඕන නෑ. නිකන් තියෙනව කියල දැනගත්තම ඇති.
- WordPress.
- Drupal.
- Joomla.
- ExpressionEngine.
- TextPattern.
- Radiant CMS.
- Cushy CMS.
- SilverStripe.
වගේ.
Wordpress ඔය අතරින් ජනප්‍රිය නිසා මෙතනින් ඉස්සරහට අපි ඒක පාවිච්චි කරමු.
එහෙමනම් Wordpress කියන්නේ දැනට හදල තියෙන website එකක්. අපිට කරන්න තියෙන්නේ ඒක අපේ website එක හදන්න ඕන තැනට දාල ඕන කරන content (Articles / Photos / Videos) දාන එක. කාට හරි හිතෙනවනම් Wordpress download කරල එක ඇතුලෙ මොනාද තියෙන්නෙ කියල බලන්න මෙන්න මෙතනින් download කරගන්න පුලුවන්.
මෙතන Wordpress වල අළුත්ම version එක ඇති. ඒක download කරල extract කරල එන folder එක උඩ right click කරල properties යන්න. අන්න එතකොට තමයි hand coding කරනවනම් කන්න ඕන පරිප්පුව තේරෙන්නෙ. Folders 137 යි. Files 1488 යි. පුලුවන් නම් අතෙන් type කරන්නකෝ.
නිකන් ඉන්න ගමන් ඒකෙ තියෙන Files open කරල බලන්න. ඔක්කොම ලියල තියෙන්නේ PHP language එකෙන්.
ඊලඟට අපි බලමු web design කරන්න අත්‍යාවශ්‍යම දේවල් ටික මොනවද කියලා.
< Home



No comments:
Post a Comment